Trending Newsඑසැන පුවත්දේශීය

හරිනිට එරෙහි විශ්වාසභංගය විවාදයට දින වෙන් කළා – කැබිනට් ප්‍රකාශක

අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ආණ්ඩුවේ සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. .

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති බවත්, විපක්ෂය කඩිනමින් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව ජනවාරි 22 සහ 23 යන දින දෙක මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමටද ආණ්ඩුව සූදානම් බවත් අමාත්‍යවරයා කීවේය.

Related posts

கிங்ஸ்பெரி தாக்குததாரியின் சடலத்தை அடக்கம் செய்ய நீதிமன்றம் உத்தரவு

Mohamed Dilsad

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

அமைச்சர் ரிஷாத் பதியுதீனின் குற்றச்சாட்டுக்கள் திட்டமிட்டு சுமத்தப்பட்டவை – அகில இலங்கை மக்கள் காங்கிரஸ் திட்டவட்டம்

Mohamed Dilsad

Leave a Comment