දේශීය

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට

(UTV | කොළඹ) – උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් විවිධ ව්‍යාපාර සහ වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේදී බස්නාහිර පළාත- දකුණ අපරාධ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.   

සැකකරු උප පොලිස් පරීක්ෂක නිල ඇඳුම භාවිත කරමින් විවිධ ව්‍යාපාර කටයුතු සහ අනෙකුත් විවිධ කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සැකකරු උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇදුමින් සැරසී ගමන්කර ඇති බවත් නිළ හැදුනුම්පත ආකාරයට උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හැදුනුම්පත පෙන්වා ඇති බවටත් තොරතුරු ලැබී තිබේ.

එමෙන්ම අදාළ පුද්ගලයා උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සදහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ ඡායාරූපද පළ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔහු රක්වාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වෙයි.

මේ පුද්ගලයා උප පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන් සමාජ ජාල මාධ්‍ය තුල ද පෙනී සිට ඇති බවයි මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දැයෙන් සමුගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද හමුදාවට ඩ්‍රෝන රෙජිමේන්තුවක්

Mohamed Dilsad

අලුත් අවුරුදු කාල සීමාවේ දී සතොසට වාර්තාගත ආදායමක්

Mohamed Dilsad

Leave a Comment