Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඩීසල් නැව් තොග හතරක් මිල දී ගැනීම ට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්

(UTV | කොළඹ) –

ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2024-08-01 සිට 2024-12-31 දක්වා කාලය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් (0.05% M.S.) නැව් තොග 4 ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවා ඇත.

ඒ අනුව ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, අදාල කාලය තුළ ඩිසල් බැරල් 280,000+/-5% ක් බැගින් වූ නැව් තොග 4 ක් සපයා ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව M/s Zhongxi Energy Development (Ningbo) Co. Ltd., China වෙත පිරිනැමීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරින.

Related posts

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව නව පාසල් සඳහා ඉල්ලුම් කිරීමේ අවසන් දිනය

Mohamed Dilsad

China fears North Korea-US conflict at any moment

Mohamed Dilsad

නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප

Mohamed Dilsad

Leave a Comment