දේශීයප්‍රමුඛ පුවත 1

පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46 ක් සදහා උපදෙස් මාලාවක්

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය වළක්වමින් ඉදිරියේදී පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කර තිබේ.

පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46 ක් සදහා වෙන වෙනම උපදෙස් මාලාවක් මෙහදී නිකුත් කර තිබීම විශේෂත්වයක්.

එම උපදෙස් මාලාව http://www.health.gov.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැක.

ඒ අනුව කුලී රථ, ත්‍රීරෝද රථ, බයිසිකල් පැදීම, සම්මන්ත්‍රණ වැඩමුළු, උපකාරක පන්ති, ප්‍රසිද්ධ රැස්වීම්, පුද්ගලික සෞඛ්‍ය සායන සහ ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් උපදෙස් එහි අන්තර්ගත වෙයි.

තවද ඡායාරූප ශිල්පීන්, වීඩියෝ කරන ශිල්පීන්, මත්පැන් හා දුම්කොළ අලෙවි කරන ස්ථාන හා ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල්ද ඒ අතර වේ.

එමෙන්ම වැඩිහිටි රැකවරණ නිවාස, බන්ධනාගාර, හෝටල් පිළිගැනීමේ ශාලාවල පවත්වන මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, ආගමික ස්ථාන, පවුලේ අය සහ මිතුරන් බැලීමට යාම අනෙක් ක්ෂේත්‍ර වන අතර පිහිනුම් තටාක සහ වෙරළ භාවිතය, ගෘහස්ථ ක්‍රීඩාංගන, ක්‍රීඩා පුහුණුවීම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, බැංකු, කාර්යාල, ගරාජය, සාප්පු, සුපිරි වෙළදසල්, සිල්ලරබඩු, අවන්හල් සම්බන්ධයෙන් අනුගමනය කල යුත-ු මාර්ගෝපදේශද නිකුත් කර තිබේ.

Related posts

රටපුරා දැවැන්ත විරෝධතා

Mohamed Dilsad

ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Mohamed Dilsad

සියලු සුරා සැල් අද සිට දිනපතා පස්වරු 6 ට පෙර වැසීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment