දේශීය

ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

(UTV |කොළඹ ) – ජාතික ජන බලවේගය විසින් කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය හා ඉදිරි මැතිවරණය පැවැත්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.

අද (14) ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත.

වෛරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බලපෑම හා එය මර්දනය කිරීමට ගන්නා ලද පියවර තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලූ පිළිබඳව මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් කළ යුතු යැයි අදහස් කරන බැවින් මෙම ඉල්ලීම කරන බව එම ලිපියේ සඳහන් වේ.

එබැවින් මෙම ගැටළුවේ ඇති වැදගත්කම සලකා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් ලෙස මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවක් සඳහා ඉක්මන් දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසද එමගින් ඉල්ලා තිබේ.

Related posts

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” විවෘත වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment