දේශීය

වරාය අධිකාරියේ කටයුතු සාමාන්‍ය අතට

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තවල මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කෙරේ.

එම අධිකාරිය පවසන්නේ කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් කොළඹ වරායේ පර්යන්තවලට පසුගිය ගිය සතියේ දී යම් බලපෑමක් සිදුවූ බවයි.

ඒ සඳහා මෙහෙයුම් හා අන්තර් පර්යන්ත හුවමාරු සැලසුම් කර ඇති ආකාරයට ම නිසි ලෙසින් කළමණාකරණය කිරීමට සමත්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ්-19 අධි වසංගත තත්ත්වය මර්ධනයට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා චක්‍රලේඛවලට අනුගතව එම මෙහෙයුම් නිසි පිරිදි සිදු කෙරෙන බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දෙයි.

Related posts

සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන 85ක සභාපති ධූර ලැබෙන ලකුණු

Editor O

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

Mohamed Dilsad

රත්තරන් කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment