දේශීය

රටපුරා දැවැන්ත විරෝධතා

(UTV | කොළඹ) – ඉන්ධන හිඟය හා මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබේ.

ප්‍රධාන මාර්ග ගණනාවක් වාහන මගින් අවහිර කරමින් ජනතාව මෙසේ විරෝධතාවේ යෙදී සිටි.

ඒ හේතුවෙන් එම මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

මෙම විරෝදතා හේතුවෙන් හලාවත – කොළඹ, අවිස්සාවේල්ල – කොළඹ, මහනුවර – මහියංගනය මාර්ග මෙන්ම රත්නපුර, රඹුක්කන, කෑගල්ල, ගාල්ල, බදුල්ල – කොළඹ මාර්ගය හපුතලෙන්, සහ මාතර යන නගරවල මාර්ග අවහිර වී තිබේ.

මෙම උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට ධාවනය වන දුම්රියන් රඹුක්කන දක්වාත්, උඩරට මාර්ගයේ පැමිණෙන දුම්රිය කඩිගමුව දක්වාත් සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

දිස්ත්‍රික්ක 4 කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළ ට

Editor O

Leave a Comment