දේශීය

අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට

(UTV | කොළඹ) – විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම හේතුවෙන් වෙළඳපොලේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින්, ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 21 කින් ඉහළ ගොස් ඇති බව එම සංගමයේ සභාපති එස්. රාජේන්ද්‍රන් කියා සිටයි

එමෙන්ම අර්තාපල් සහ ලොකු ළුෑණු කිලෝවක මිලද ඉහළ ගොස් ඇති බව සඳහන්.කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ මෙරට අර්තාපල් මේ වනවිට වෙළඳපොළට ලැබී තිබීමත්, ඉන්දියාවෙන් ලොකුළුෑණු තොග විශාල වශයෙන් මෙරටට ආනයනය කර තිබීමත් හේතුවෙන් බදු ඉහළ නැංවීම අර්තාපල් සහ ලොකු ළුෑණු මිලට විශාල බලපෑමක් කර නොමැති බවයි.

පසුගියදා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ වර්ග රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රජය විසින් සංශෝධනය කරනු ලැබුවේ දේශීය නිෂ්පාදනකරුවන් දිරිමත් කිරීමේ අරමුණින්.

ඒ අනුව ආනයනික රතු ළුෑණු සහ අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින්, පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 3 කින් සහ සැමන් කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 50 කින් ඉහළ නංවනු ලැබුවේය.

Related posts

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර දෙකයි

Mohamed Dilsad

අඩු ආදායම් ලාභීන් සඳහා වන රැකියා ලක්ෂයේ අයඳුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment