දේශීය

අඩු ආදායම් ලාභීන් සඳහා වන රැකියා ලක්ෂයේ අයඳුම්පත් කැඳවයි

(UTV | කොළඹ) – අවම අධ්‍යාපන සුදුසුකමක් සහිත අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

මේ සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව යනුවෙන් ආයතනයක් පිහිටුවා ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මීට අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි.

මෙහිදී හඳුනා ගන්නා රැකියාලාභීන්ට මාස 06 ක වෘත්තීය පුහුණුවක් ලබා දෙන අතර, එම කාල සීමාවේ රුපියල් 22,500 ක දීමනාවක් ද ගෙවනු ලැබේ.

අනතුරුව, පදිංචි ප්‍රදේශයේ පී.එල්. – 01 කාණ්ඩයේ වැටුප් සහ දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත් කරයි.

මීට අදාළ තොරතුරු බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අද (20) දිනයේ ජාතික පුවත්පත්වල පළ කර තිබේ.

Related posts

අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට සජිත්ගේ පිල නොයයි [RELEASE]

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

වරාය වර්ජනය අවසන් – දොඹකර 03 වහා සවි කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment