දේශීය

රියදුරු බලපත්‍රයක වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – රියදුරු බලපත්‍රයක වලංගු කාලය ජුලි මස 31 වනදා දක්වා තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශය සදහන් කළේ ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (20) දිනයේ ප්‍රකාශයට පත් කර ඇති බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අප්‍රේල් මස 16 වන දින සිට කල් ඉකුත් වන රියදුරු බලපත්‍රයක වලංගු කාලය මීට පෙර මැයි 31 දක්වා දීර්ඝ කිරිමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැයි මස 31 වන දිනෙන් වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය ජුලි මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

Editor O

රාජපක්ෂලා සමඟ යන කිසිවෙකුට සහය නැහැ – පාඨලී චම්පික

Editor O

ප්‍රධාන රෝහල්වලට පැමිණෙන රෝගීන් අහඹු ලෙස PCR පරීක්ෂණවලට

Mohamed Dilsad

Leave a Comment