දේශීය

ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ධීවර යාත්‍රා 30 ක් ගසාගෙන යයි

(UTV| කොළඹ) – ඇතිව තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

එම ධීවර යාත්‍රාවල ධීවරයින් 180 දෙනෙකු රැදී සිටින බවත් , ඔවුන්ට කිසිඳු අනතුරක් සිදුව නොමැති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ ධීවරයින් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු හා නිකොබාර් දූපත් බලධාරීන් මෙන්ම ඉන්දීය බලධාරීන් ද දැනුවත් කිරීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී පැවති අයහපත් කාලගුණයත් සමඟ මෙම ධීවර යාත්‍රා ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති බව සඳහන් වේ.

 

 

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් සියයට 0.1% කි න් අඩුවෙයි

Editor O

පෙර පාසල් සඳුදා ඇරඹේ

Mohamed Dilsad

ඉතිහාස පොතේ ඉතිහාසය නෑ. බුද්ධාගම පොතේ බුද්ධාගම නෑ. සිංහල පොතේ සිංහල නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ මේකද ..? – ආචාර්ය චන්න ජයසුමන

Editor O

Leave a Comment