දේශීය

කොරෝනා පාලනය සඳහා නාවික හමුදාව වෙත නිර්දේශ කිහිපයක්

(UTV | කොළඹ) –  වැලිසර නාවික හමුදා කඳවුර සහ අනෙකුත් කඳවුරු ආශ්‍රිතව පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔවුන් විසින් සිදුකළ විමර්ශන වාර්තාව තමන් වෙත දුන් බවත් එම වාර්තාව අනුව නාවික හමුදාවේ ඇතිවී තිබෙන කොරෝනා තත්ත්වය පාලනය කිරිම සඳහා තමන් විසින් නිර්දේශ කිහිපයක්ම නාවික හමුදාව වෙත නිකුත් කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

කඳවුරු අතර සංචරණ තත්ත්වයන් සම්පූර්ණයෙන් නතර කරන ලෙසටද උපදෙස් ලබාදී ඇත.

මෙම නිර්දේශ නිසි පරිදි සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වසංගත රෝග වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් පත් කොට තිබෙන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා කාලය දිගු කරයි [RELEASE]

Mohamed Dilsad

අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

Editor O

බිත්තර සඳහා සියයට 18% බද්දක් පනවයි.

Editor O

Leave a Comment