Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් සියයට 0.1% කි න් අඩුවෙයි

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජුලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව ඒ බව දැක්වෙයි.

ඒ අනුව 2024 ජුනි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජුලි මාසයේදී ඩොලර් මිලියන 5,649 ක් දක්වා 0.1% කින් අඩු වී ඇත. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජුලි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,574 ක් ලෙසින් සටහන් වේ.

මෙය 2024 ජුනි මාසයේදී වාර්තා වී ඇති ඩොලර් මිලියන 5,605 ට වඩා 0.6% ක අඩුවීමකි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය ජුලි මාසය තුළදී ඩොලර් මිලියන 35 සිට ඩොලර් මිලියන 37 ක් දක්වා 5.2%කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේදී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Pothas says ‘not communicated’ about his role after Hathurusingha’s appointment

Mohamed Dilsad

Government helps biz map Indian entry

Mohamed Dilsad

பேருந்து கட்டண அதிகரிப்பு இன்று முதல்

Mohamed Dilsad

Leave a Comment