Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා හා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර හමුවක්

(UTV | කොළඹ) –

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා හා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා සදහන් කළේ, වටිනා සංස්කෘතිකාංග හා ඉතිහාසයක් සහිත රටක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබා දෙන බවයි.

මෙහිදී නවසීලන්තයේ සිටින විදෙස් ජනගහනය අතුරින් ශ්‍රී ලංකා නියෝජනය කරන පිරිස ඉහළ ශ්‍රම කුසලතාවයක් සහිත පිරිසක් වීම කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්වී තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බවයි.

එහිදී විවිධ වෙළෙඳ නාමයන් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරඟ කරනවා වෙනුවට එක් නාමයක් භාණ්ඩ එකක් හෝ කිහිපයක් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ සුවිශේෂීකරණය වීමේ වැදගත්කමද මහ කොමසාරිස්වරයා සදහන් සිටියා.

විශේෂයෙන්ම වෙළෙඳ, අධ්‍යාපන, කිරි කර්මාන්තය හා ක්‍රීඩා යන අංශයන් ආශ්‍රිතව දෙරට අතර ද්වීපාර්ශවීය සබදතා පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

Related posts

Sri Lanka will be the Asia’s Best Travel Destination

Mohamed Dilsad

22 වනදා රටම ඇණ හිටිනවා – වෘත්තීය සංගම්

Mohamed Dilsad

திடீர் என விபத்துக்குள்ளான விமானம்..!!

Mohamed Dilsad

Leave a Comment