නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ රටේ ඉතිහාසය අනාගත පරපුරට අහිමි කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි . හෙතෙම ඒ බව කීවේ රූපවාහිනී වැඩසටහනකදීය
චන්න ජයසුමන මහතා මෙසේද කීවේය. “හය වසරේ ඉතිහාස මොඩියුලයේ තියෙන්නේ කාර්වල ඉතිහාසය. හත වසරේ ඉතිහාස මොඩියුලයේ තියෙන්නේ ගුවන්යානාවල ඉතිහාසය. අට වසරේ රොකට්වල ඉතිහාසය. නවය වසරේ තියෙන්නේ සැටලයිට්වල ඉතිහාසය.
මේ රටේ දරුවන්ට උගන්වන්න ඉතිහාසසයක් නැද්ද? මේකද ඉතිහාසය කියලා උගන්වන්න ඕන. මේ කරන්නේ මේ රටේ ඉතිහාසයට හිමි තැන අහිමි කිරීම.
ඉතිහාස පොතේ ඉතිහාසය නෑ. බුද්ධාගම පොතේ බුද්ධාගම නෑ. සිංහල පොතේ සිංහල නෑ, ගණිතය පොතේ ගණිතය නෑ.”
