දේශීය

කුවේටයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 449 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ.

මෙයින් පළමු කණ්ඩායම ලෙස කුවේටයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 287 ක් ඊයේ (19) පස්වරු 6.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙහි දෙවන කණ්ඩායම ලෙස කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 162 ක් මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කුවේටයේ මේ ආකාරයට නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,000 ක් පමණ සිටින බවට වාර්තා වී තිබෙන අතර , ඔවුන්ට රටින් පිටවීම සදහා කුවේට් රජය විසින් ලබා දී තිබූ පොදු ක්ෂමා කාලය උපයෝගී කර ගනිමින් මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත.

මොවුන් සියලූ දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව විෂබීජහරණය කිරීමට ලක් කර , නීරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සම්පාදනය කර තිබුණි.

Related posts

ගොවීන් ට යළිත් සුබ පණිවුඩයක්

Mohamed Dilsad

ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment