දේශීය

කුවේටයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 449 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ.

මෙයින් පළමු කණ්ඩායම ලෙස කුවේටයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 287 ක් ඊයේ (19) පස්වරු 6.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙහි දෙවන කණ්ඩායම ලෙස කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 162 ක් මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කුවේටයේ මේ ආකාරයට නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,000 ක් පමණ සිටින බවට වාර්තා වී තිබෙන අතර , ඔවුන්ට රටින් පිටවීම සදහා කුවේට් රජය විසින් ලබා දී තිබූ පොදු ක්ෂමා කාලය උපයෝගී කර ගනිමින් මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත.

මොවුන් සියලූ දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව විෂබීජහරණය කිරීමට ලක් කර , නීරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සම්පාදනය කර තිබුණි.

Related posts

රිෆ්කාන් බදියුදීන් ජනපති කොමිසමට ලියයි

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පත් කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Editor O

රාජිතට නොතිසි දීම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 21

Mohamed Dilsad

Leave a Comment