දේශීය

ගොවීන් ට යළිත් සුබ පණිවුඩයක්

ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා බිම් සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් අක්කරයකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

 

හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා කරන ගොවීන්ට නැවත අයනොකෙරෙන මුදලක් ලෙස එම මුදල ලබා දීමට තීරණය කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

 

බඩඉරිඟු වගාවට අවශ්‍ය බීජ හා පොහොර සියල්ල නොමිලයේ සැපයීමට ද නියමිතය.

 

සත්ත්ව ආහාර සකස් කිරීම සඳහා අවශ්‍ය බඩඉරිගු නොමැති වීම හේතුවෙන් මේ වසරේ ගතවූ කාලය තුළ කිරි බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය පහත වැටී තිබූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මෙලෙස බඩඉරිගු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Related posts

සෞඛ්‍ය වෘත්තිකයින් ලබන බ්‍රහස්පතින්දා වැඩවර්ජනයකට

Mohamed Dilsad

ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment