දේශීයවිදෙස්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබාදී ඇති බව වාර්තා වේ.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

 

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

 

එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබුණි.

 

අයවැය සඳහා වෙන්කර තිබුණ මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ඒ අනුව ලංකාවට මෙලෙස හිමිව තිබේ.

Related posts

විදේශ ණය කළමනාකරනයට වෙනම ආයතනයක්

Editor O

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 14 ක් මරුට

Mohamed Dilsad

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment