Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

විදේශ ණය කළමනාකරනයට වෙනම ආයතනයක්

(UTV | කොළඹ) –

විදේශීය රටවලින් ලැබෙන ණය කළමනාකරණය කිරීම සඳහා නව ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ණය කළමනාකරණ පනත යටතේ එම ආයතනය පිහිටුවීමට නියමිතය.

‘ප්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යාපාර පනහක් පමණ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව නීතියක් ඉදිරියේදී කෙටුම්පත් කිරීමට නියමිතය. නව ආර්ථික පරිවර්තන පනත තුළින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කරගත හැකි වෙනවා.

ආර්ථික පරිවර්තන පනත යටතේ ‘‘ශ්‍රී ලංකා ආර්ථික කොමිසම’’ සහ ජාතික ඵලදායීතා කොමිසම පිහිටවනු ලබනවා.’’ යැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එම්. එස්. සමරතුංග සඳහන් කළේ ය.

ආයෝජන මණ්ඩලයේ ආයෝජන ගැනීමේ කටයුතු ශ්‍රී ලංකා ආර්ථික​ කොමිසම හරහා කිරීමට නියමිතය. ආයෝජන කලාප කළමනාකරණය කිරීම සඳහාද වෙනම ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අපනයන මත ආර්ථිකය ගොඩනැගෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නැතිව කිසිම රටක රජයකට ණය ප්‍රතිව්‍යුහගත කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය දිගින් දිගටම ගැනීමට ලක් රජය අනෙකුත් ණයකරුවන් සමග කටයුතු කළ යුතුයි. නව ආර්ථික පරිවර්තන පනත යටතේ නිසි පරිදි කටයුතු කළහොත් රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගත හැකි වෙනවා යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ ය.

Related posts

General Electric signs 1 billion riyal deal to build gas turbines in Saudi Arabia

Mohamed Dilsad

ජුලි 31 වනවිට ගෑස් හිඟය අවසන් – ලිට්‍රෝ

Mohamed Dilsad

වාස් ගුණවර්ධනටත් කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment