Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නිල වශයෙන් ප්‍රකාශයට.

(UTV | කොළඹ) –

බ්‍රිතාන්‍ය පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් අති­වි­ශිෂ්ට ජයක් අත්කර ගත් බ්‍රිතා­න්‍යයේ කම්කරු පක්ෂ­යට වසර 14කට පසු පළ­මු­ව­රට එරට රජ­යක් පිහි­ටු­වී­මට අව­ස්ථාව ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රජ­යක් පිහි­ටු­වී­මට බ්‍රිතාන්‍ය පාර්ලි­මේ­න්තුවේ ආසන 326ක් ජය­ගත යුතුව තිබූ අතර, පෙරේදා පැවැති මැති­ව­ර­ණ­යෙන් කම්කරු පක්ෂය ආසන 412ක ජය තහ­වුරු කර­ගෙන ඇත. හිටපු අග­මැති රිෂී සුනාක්ගේ කන්ස­ර්වේව් පක්ෂ­යට ලැබී ඇත්තේ ආසන 121ක් පම­ණක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2010 වස­රේදී අග­මැ­ති­ව­රයා ලෙස පත්වූ ඩේවිඩ් කැම­රොන්ගේ සිට මේ දක්වා අග­මැ­ති­ව­රුන් පස්දෙ­නකු බිහි­කළ කන්ස­ර්වේ­ටිව් පක්ෂ­යට මෙවර රාජ්‍ය බලය අහිමි වී ඇත. කම්කරු පක්ෂය නියෝ­ජ­නය කර­මින් අව­සන් වරට එරට අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කරනු ලැබුවේ ගෝර්ඩ්න් බ්‍රවුන් විසිනි.

ඩවු­නින් වීදියේ අංක 10 අග­මැති නිල නිවස ඉදි­රි­පිට සිට ඊයේ නව අග­මැ­ති­ව­රයා ලෙස කම්කරු පක්ෂයේ නායක 61 හැවි­රිදි කීර් ස්ටාමර් ජාතිය ඇමතූ අතර, ඊට පෙර රිෂී සුනාක් චාල්ස් රජු මුණ ගැසී නිල වශ­යෙන් අග­මැ­ති­ධු­ර­යෙන් ඉවත් වූ අතර, පරා­ජයේ වග­කීම භාර ගෙන ජන­තාව හමුවේ ස්තූති කතාව සිදු කළ රිෂී සුනාක් ඩවු­නින් වීදි­යෙන් නික්ම ගිය බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

වසර 2020 සිට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නාය­ක­ත්වය දරන කීර් ස්ටාමර් හිටපු විපක්ෂ නාය­ක­යාද වන අතර, එරට කීර්ති­මත් නීති උපා­ධි­ධා­රි­යෙකි.

Related posts

மனைவியின் இறுதி சடங்கில் பங்கேற்க பரோலில் வந்த முன்னாள் பிரதமர் நவாஸ் ஷரிப்

Mohamed Dilsad

நியூ மெக்சிகோ பள்ளியில் மர்மநபர் துப்பாக்கிச்சூடு

Mohamed Dilsad

PM to chair Indian Ocean Conference in Maldives next month

Mohamed Dilsad

Leave a Comment