Trending Newsඑසැන පුවත්දේශීය

වැල් පාලම මාස තුනකින් කඩාගෙන වැටෙනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

(UTV | කොළඹ) –

වැල් පාලම තව මාස තුනකින් පමණ කඩාගෙන වැටෙන බව, සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර මහතා පවසයි. හෙතෙම එම අදහස් පළ කළේ  කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 05දා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර මහතා මෙසේ ද කීවේය. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දයාන් ලේනව නමැති පුද්ගලයෙකු යොදාගනිමින් ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම  වැඩපිළිවෙල අසාර්ථක වූ පසු ලෙනව නමැති පුද්ගලයා සමගි ජන බලවේගයට හිතවත් පුද්ගලයෙකු ලෙස නම් කරමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිස රටට විහිළු සපයමින් සිටින බවත් නලින් බණ්ඩාර මහතා පවසනවා.

කුමන කුමන්ත්‍රණ යෙදුවත් අනිවාර්යෙන් මැතිවරණයකට මුහුණ දියයුතු වන අතර එක්සත් ජාතික පක්ෂය රටට විහිළු සැපයීම පසෙක තබා අඩුමතරමින් ජනාධිපතිවරණයේදී ඡන්ද 10%ක් ලබගැනීමටවත් උත්සාහ කළ යුතුව ඇති බවයි. මේ වැල්පාලම තව මාස තුනකින් කඩාගෙන වැටේවි.

 

Related posts

පළාත් සභා මැතිවරණය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට

Editor O

இலங்கைக்கு சமூக வலைத்தளங்கள் முழுமையாக இல்லாமல் போகும் நிலையா?

Mohamed Dilsad

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

Leave a Comment