දේශීය

සෞඛ්‍ය වෘත්තිකයින් ලබන බ්‍රහස්පතින්දා වැඩවර්ජනයකට

සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

 

එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවය.

 

සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන විශේෂ සමුළුවක් ද ලබන 03 වනදා පවත්වන බව රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

 

මේ අතර අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.

Related posts

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

Editor O

කුසලතාව, නිපුණතාව වෙනුවට, ජවිපෙ යටත් විජිතභාවයට , යෞවන සමාජ පත්වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

පළාත් හතරකට වැසි

Mohamed Dilsad

Leave a Comment