දේශීය

ජල බවුසරයකට යට වී කුඩා දරුවෙක් මරුට

වාලච්චේන පොලිස් වසමේ ඕමනියා මඩු දෙසට ඇති අතුරු මාර්ගයක ධාවනය වූ ජල බවුසරයකට යටවීමෙන් 6 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (29) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

 

එම ජලබවුසරය මාර්ගයේ නවතා පසු පසට ධාවනය කිරීමේදී පිටුපසින් පැමිණි පාපැදියේ ගැටී එම අනතුර සිදුව තිබුණි.

 

පාපැදියේ ළමුන් දෙදෙනෙකු ගමන්කර ඇති අතර එක් දරුවෙකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර කිරීමේදී මියගොස් ඇත.

 

එසේ මියගොස් ඇත්තේ, 06 හැවිරිදි රීදිනැන්න පුනානි ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකි.

 

අනතුර සිදුවූ ජල බවුසරය ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයකට හිමි එකක් බව පොලීසිය පැවසීය.

 

අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් විසින් එම බවුසරයේ රියදුරුට සහ රිය සහායකට පහරදී අදාළ ජල බවුසරයට ද ගිනි තබා ඇත.

 

පසුව ඉදිරිකිරීම් අයතනය වෙතද ගොස් වාහන කිහිපයකටද අනර්ථයක් සිදුකර ඇත.

 

පසුව පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර ඇති බව ද වාර්තා වේ.

 

රියදුර සහ රිය සහායක අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Related posts

එජාප ජතිලා ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කිරීම තවත් කල් යයි

Mohamed Dilsad

පස්සර හා අරණායක තවදුරටත් අවධානම්

Mohamed Dilsad

මාලි හිදී ජීවිතක්ෂයට පත්වූ හමුදා සෙබළාගේ දේහය හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment