Trending Newsඑසැන පුවත්දේශීය

කුසලතාව, නිපුණතාව වෙනුවට, ජවිපෙ යටත් විජිතභාවයට , යෞවන සමාජ පත්වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දීර්ඝ කාලයක් අප රටේ තාරුණයට පක්ෂ භේදයෙන් තොරව වැදගත් නියෝජනත්වයක් ලබා දුන් යෞවන සමාජ ක්ෂේත්‍රය අද වන විට මුළුමනින්ම දේශපාලනීකරණය වී වත්මන් ආණ්ඩුවේ අතකොලුවක් බවට පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සිටිසන් වොයිස් වැඩසටහන යටතේ යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් සමග අද පැවැති හමුවකදියි.

යෞවන සමාජ ක්⁣ෂේත්‍රය සමාජවාදි තරුණ සංගමය නම් දේශපාලන සංගමයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති බවට විපක්ෂ නායකවරයා චෝදනා කළා.

ඔහු පවසන්නේ යෞවන සමාජ ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික සම්මේලන දක්වා ක්‍රියාත්මක වු මණ්ඩල අද කුසලතාවට නිපුණතාවට වඩා ජවිපෙ යටත් විජිතභාවයට ලක්ව ඇති බවයි.

රාජ්‍ය බලය, ආණ්ඩු බලය, ඇමති නිලධාරී බලයන් උපයෝගී කර ගෙන තරුණයන්ට බලපෑම් කරන බවත්, වත්මන් රජය උදුරාගත් තරුණ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදීව තරුණයන්ට නැවත ලබා දෙන ⁣බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. .

වඩාත් ප්‍රගතිශීලි නුතනවාදි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළට යොමුවන බවත් රජය මේ කළ වැරදි ක්‍රියාවලිය අහෝසි නොකළහොත් මේ පහත් දුර්දාන්ත ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනාට අනාගතයේ දී තරුණයන්ට පිළිතුරු දෙන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Related posts

மின்கட்டணம் அதிகரிக்குமா?

Mohamed Dilsad

அமெரிக்கா மீது வெனிசூலா அதிபர் குற்றச்சாட்டு

Mohamed Dilsad

Rohingya Crisis: Bangladesh anger over Myanmar Army build-up

Mohamed Dilsad

Leave a Comment