දේශීය

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම අද සිට

(UTV | කොළඹ ) – අද (20) සිට දින 3 ක කාලයක් පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා වෙන් කර තිබේ.

අද , හෙට සහ අනිද්දා දිනවල ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලූ පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටියි.

මතුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලූ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මෙහිදී අනුගමනය කල යුතුයි.

අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් තම පාසලෙන් උසස් පෙළ සමත්ව, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related posts

හෙට සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

Mohamed Dilsad

දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment