දේශීය

දිස්ත්‍රික් අතර ගමනාගමනය ගැන ගැසට් නිවේදනයක් ඉදිරියේදී

(UTV | කොළඹ ) – ලබන සඳුදා සිට ක්‍රියාත්මක ජන ජීවිතය යථාවත් කිරීමේ ක්‍රියාවලිය යටතේ දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

හෙට දිනයේදී හෝ ලබන සෙනසුරාදා වන විට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඊට අදාළ ගැසට් නිවේදනයක්ද සකස් කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

ආසාදිත නොවන කලාපයක සිට ආසාදිත නොවන කලාපයකට පැමිණීම ගැටලූ සහගත නොවන බවත් තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඒ ප්‍රදේශවලින් පිටවීමට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

නාවලපිටිය නගර සභාවේ සභාපති ධූරය ස්වාධීන කණ්ඩායමකට

Editor O

මගීන් පීඩාවට පත් කළ දුම්රිය සේවකයන්ට, දුම්රිය සාමාන්‍යාධිකාරී කොකා ගස්සයි – දවල් 12 ට කලින් නාවොත් ගෙදර.

Editor O

රනිල් – මංගල ඇතුළු පිරිසක් දේශපාලන පලිගැනීම් කොමිසමට

Mohamed Dilsad

Leave a Comment