දේශීය

දිස්ත්‍රික් අතර ගමනාගමනය ගැන ගැසට් නිවේදනයක් ඉදිරියේදී

(UTV | කොළඹ ) – ලබන සඳුදා සිට ක්‍රියාත්මක ජන ජීවිතය යථාවත් කිරීමේ ක්‍රියාවලිය යටතේ දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

හෙට දිනයේදී හෝ ලබන සෙනසුරාදා වන විට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඊට අදාළ ගැසට් නිවේදනයක්ද සකස් කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

ආසාදිත නොවන කලාපයක සිට ආසාදිත නොවන කලාපයකට පැමිණීම ගැටලූ සහගත නොවන බවත් තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඒ ප්‍රදේශවලින් පිටවීමට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්….!

Editor O

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

කොරෝනාව සම්බන්ධයෙන් රනිල්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment