විදෙස්

ට්‍රම්ප් කොරෝනා මර්දන බලකාය අහෝසි කිරීමට තීරණය කරයි

(UTV| කොවිඩ් 19) –  කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත කළ ‘කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කොවිඩ්-19 වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් 71,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, වාර්තා වන ආසාදිතයන්ගේ ගණන දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

‘‘අපිට ඊළඟ අවුරුදු පහ මේ රට වහලා තියන්න බැහැ’’ මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන්කර තිබේ.

මේ අවස්ථාවේදී කාර්ය සාධක බලකාය අහෝසි කිරීම සුදුසු දැයි එම මාධ්‍යවේදීය ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් විමසූ විට , ‘‘කාර්යසාධක බලකාය විශිෂ්ට කාර්යභාරයක් කළා. එහෙත් අපි දැන් අවධානය යොමු කරන්නේ ආරක්ෂාව සහ විවෘත කිරීමට’’ යැයි ජනාධිපතිවරයා පවසා ඇත.

පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් නිරීක්ෂණය කරමින් ඔහු මෙම අදහස් පළකර ඇති අතර , ජනාධිපතිවරයා එහි සංචාරය කර තිබුණේ මුඛ ආවරණ ද නොමැතිව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

Mohamed Dilsad

චීනයේ අවු.3 – 11ත් අතර දරුවන් එන්නත්කරණයට

Mohamed Dilsad

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – මිලියන 4 කට විදුලිය ඇණහිටී

Mohamed Dilsad

Leave a Comment