විදෙස්

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – මිලියන 4 කට විදුලිය ඇණහිටී

(UTV| ඇමරිකාව) – ඇමරිකාවට බලපෑ දරුණු හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් ටෙක්සාස්, මිසිසිපි, කෙන්ටකි, ඇලබාමා, ඔරිගන් සහ ඔක්ලොහෝමා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මිලියන 04 ක ජනතාවකට විදුලිය ඇණ හිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම හිම කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් එරට කාලගුණ අංශ මිලියන 150 ක ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇත.

හිම කුණාටු තත්ත්වයත් සමඟ ටෙක්සාස් හි අනතුරු 120ක් සිදුව ඇති අතර, ඉන් මියගිය ගණන 13 ක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සෞදි රජය වන්දනාකරුවන්ගේ වීසා තාවකාලිකව තහනම් කරයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ එක් දිනක සිදුවූ වැඩිම මරණ ගණන

Mohamed Dilsad

ජපානයෙන් පළමු කොවිඩ් වෛරස් මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment