දේශීය

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද(06) දින තද සුළං හා මුහුද රළු විය හැකි බවට අනතුරු අඟවයි.

මෙලෙස පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

මෙම ප්‍රදේශයන්හි පවතින වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර ඉහළ යා හැකියි.

මේ අතර එම මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව මුහුදු රළ වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා අංශය අනතුරු ඇඟවයි.

ධීවර හා නාවික ප්‍රජාවන්ට මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ද දැනුම් දෙයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

කතරගම ප්‍රදේශයේ ඇති, දේශපාලකයෙක්ට අයත්යැයි කියන නිවසක් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් : වාර්තාව නීතිපතිට

Editor O

සම්පායෝ අධිකරණයට රැගෙන යයි

Mohamed Dilsad

Leave a Comment