දේශීය

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද(06) දින තද සුළං හා මුහුද රළු විය හැකි බවට අනතුරු අඟවයි.

මෙලෙස පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

මෙම ප්‍රදේශයන්හි පවතින වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර ඉහළ යා හැකියි.

මේ අතර එම මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව මුහුදු රළ වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා අංශය අනතුරු ඇඟවයි.

ධීවර හා නාවික ප්‍රජාවන්ට මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ද දැනුම් දෙයි.

Related posts

රට විවෘත කළත් සති දෙකක් යන තෙක් දුම්රිය ධාවනය නවතියි

Mohamed Dilsad

මහින්ද මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් අලුත් කරයි

Mohamed Dilsad

පොහොට්ටුවේ නාම යෝජනාවල තරුණයන්ට වැඩි අවස්ථාවක්

Editor O

Leave a Comment