දේශීය

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

(UTV | කොළඹ ) – ඩෙංගු ව්‍යාප්තිය නිරිතදිග මෝසම සක්‍රියවීමත් සමඟ ඉදිරියේදී ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ දිනවල බොහෝ පිරිස් නිවෙස්වල රැඳී සිටින බැවින් ඩෙංගු අවදානම පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර කියා සිටියේය.

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 18,835 ක් වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජනවාරි මාසයේදී වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 11,595 කි.

පසුගිය මාසයේදී ඩෙංගු රෝගීන් 383 දෙනෙකු පමණක් වාර්තාවී තිබීම විශේෂත්වයකි.

Related posts

ඉරානයේ ගැටුම් උග්‍රවෙයි | අන්තර්ජාලා සේවා විසන්ධි කරයි.

Editor O

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

මැනිං පොදු වෙළඳපොල අද විෂබීජහරණයට

Mohamed Dilsad

Leave a Comment