ගොසිප්

නිලනිවාස භාර නොදුන් බවට හිටපු රජයේ ඇමතිවරුන් පිරිසකට චෝදනා

(UTV| කොළඹ) –  යහපාලන රජයේ ඇමතිවරුන් 20 දෙනෙකු හා වෙනත් තනතුරු දැරූ දෙදෙනෙකු තවමත් නිල නිවාස භාරදී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

හිටපු කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා තනතුරු දැරූ නිලධාරීන් දෙදෙනෙක් මේ අතර වේ.

කොළඹ බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොල පාර, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත , ලොරිස් නිවාස සංකීර්ණය හා විජේරාම මාවතේ මෙම නිවාස පිහිටා ති⁣බේ.

නිවාසවලින් ඉවත් වීමට මාස 3ක කාලයක් ලබාදුන් අතර එම කාලය මාර්තු මස 30 වැනිදායින් අවසන් වී තිබේ.

මෙම හිටපු ඇමතිවරුන්ට එරෙහිව ලබන සතියේ නඩු පැවරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related posts

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

කොරෝනා පිලිබඳ ලන්ඩනය කළ අලුත්ම හෙළිදරව්ව

Mohamed Dilsad

මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment