ගොසිප්

නිලනිවාස භාර නොදුන් බවට හිටපු රජයේ ඇමතිවරුන් පිරිසකට චෝදනා

(UTV| කොළඹ) –  යහපාලන රජයේ ඇමතිවරුන් 20 දෙනෙකු හා වෙනත් තනතුරු දැරූ දෙදෙනෙකු තවමත් නිල නිවාස භාරදී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

හිටපු කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා තනතුරු දැරූ නිලධාරීන් දෙදෙනෙක් මේ අතර වේ.

කොළඹ බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොල පාර, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත , ලොරිස් නිවාස සංකීර්ණය හා විජේරාම මාවතේ මෙම නිවාස පිහිටා ති⁣බේ.

නිවාසවලින් ඉවත් වීමට මාස 3ක කාලයක් ලබාදුන් අතර එම කාලය මාර්තු මස 30 වැනිදායින් අවසන් වී තිබේ.

මෙම හිටපු ඇමතිවරුන්ට එරෙහිව ලබන සතියේ නඩු පැවරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related posts

බැසිල් පාර්ලිමෙන්තු එන අලුත් දිනය මෙන්න…

Mohamed Dilsad

උත්සව සමයෙන් පසු තත්ත්වය අවධානම්

Mohamed Dilsad

විස්සයි – 20 තරගාවලි සඳහා අලුත් නායකත්වයක්

Mohamed Dilsad

Leave a Comment