දේශීය

මැතිවරණ කොමිසමට නිර්දේශ මාලාවක්

(UTV | කොවිඩ් 19 ) – කොවිඩ් -19 වසංගතය සම්පූර්ණයෙන් අවසන් වීමට පෙර මහ මැතිවරණය පවත්වන්නේ නම් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වී ඇත.

මෙම නිර්දේශ අතරට මැතිවරණ රාජකාරි නිලධාරීන් සහ ඡන්ද දායකයින් සියලු දෙනා අත්වැසුම් සහ මුඛආවරණ පැළදීම අනිවාර්ය වෙයි.

මතුව ඇති තත්ත්වය හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, පසුගිය 20 වැනිදා මැතිවරණ කොමිසම සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර , එහි මූලික අරමුණ වූයේ වසංගතය සම්පූර්ණයෙන් අවසන් වීමට පෙර යම් ආකාරයකින් මැතිවරණය පවත්වන්නේ නම් අනුගමනය කළ යුතු ආරක්ෂිත විධි විධානයි.

අනතුරුව ඒ පිළිබඳව සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කිරීමට සඳහා කමිටුවක් පත්කෙරුණි.

ඒ, වසංගත රෝග පිළිබඳ විශේෂඥයින්,මැතිවරණ කොමිසමේ නිලධාරීන්, මැතිවරණ විෂයභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ කොවිඩ් – 19 මර්දන බලකායේ නියෝජිතයෙකුගේ සහභාගීත්වයෙන් යුතුවයි.

 

 

Related posts

ප්‍රථම වරට ලංකාවේ දිනක PCR පරීක්ෂණ 10,000 ඉක්මවයි

Mohamed Dilsad

දෙවෙනි මනාප වැඩිම සජිත්ට

Editor O

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment