ගොසිප්

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඔහුගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.   

ඒ , මේ වන විට සිව් වසරක සිර දඩුවම් විඳින රන්ජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට නැවත පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව ලබාදීමටයි.

හරින් ප්‍රනාන්දු මහතා ඉතින් ඊයේ පැවති රැස්වීමකදී සඳහන් කරන ලද්දේ එළඹෙන මැයි මස පළමු සතියේ දී තමන් රන්ජන් රාමනායක වෙනුවෙන් විශේෂ දේශපාලන තීන්දුවක් ගන්නා බවයි.

රන්ජන් රාමනායකට විශේෂ සමාවක් ලබා දෙන්නැයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

 

 

 

 

 

Related posts

ඇය රටට ආඩම්බරයක් ගෙන්න සුදානම්

Mohamed Dilsad

බන්ධනාගාර රැදවියන් අතරත් කොරෝනා භියක්

Mohamed Dilsad

හලාවත කඩොලාන ආශ්‍රිතව පරිසර සංහාරයක්

Mohamed Dilsad

Leave a Comment