ගොසිප්

හලාවත කඩොලාන ආශ්‍රිතව පරිසර සංහාරයක්

(UTV |හලාවත) – වෙරළබඩ තීරයේ කලපුව ආශ්‍රිතව ඉස්සන් වගාව සදහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කැනීම් සිදු කරන බව වාර්තා වේ.

ඒ කල්පිටිය පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ ආශ්‍රිතවය.

මේ අනුව එහි පිහිටි ස්භාවික කඩොලාන පද්ධතිය විනාශයට ලක්කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත වන සංහාරයක් සිදුව ඇති බවට පරිසරවේදියෝ පෙන්වා දෙති.

මෙය කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති වරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුව ඇති බවට පල්ලිවාසල්තුරෙයි ගම්මුන් චෝදනා කර තිබේ.

අදාල ඉස්සන් ගොවිපලේ පිහිටි පැරණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සදහා අනුමැතිය ලබා ගෙන තිබේ.

ඉන් පසුව ඔවුන් කාර්යක්ෂම ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් කලපු තීරයට යාබදව පිහිටා තිබූ ස්වභාවික කඩොලාන පද්ධතිය සම්පූර්ණයෙන් විනාශයට ලක්කරමින් දැවැන්ත පාරසරික හානියක් සිදුකර එහි නව ඉස්සන් පොකුණු ඉදිකර ඇති බවට පරිසරවේදියෝ පවසති.

අදාල ඉස්සන් පොකුණු ඉදිකරන මුවාවෙන් මොවුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ මායිම් කණු පවා වෙනස් කරමින් ඩෝසර් යන්ත්‍ර යොදා දැවැන්ත වන සංහාරයක් සිදුකර ඇති බව එහි ගිය මාධ්‍යවේදීන් නිරීක්ෂණය කර ඇත.

මොවුන් විසින් ඩෝසර් යන්ත්‍ර උපයෝගි කර ගනිමින් ඉදිකරන ලද නව ඉස්සන් පොකුණු තුළ පිහිටා තිබූ දැවැන්ත කඩොලාන ශාක වල අවශේෂවූ කොටස් විශාල ප්‍රමාණයේ ගොඩවල් ගසා ඒ තුළ සගවා තිබියදී ප්‍රදේශවාසීන් විසින් ඒවා සොයා ගෙනද තිබේ.

Related posts

බාහිර උපා­ධි­ය සඳහා නව විෂය මාලා­වක්

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරයෙකුට චෝදනාවක්

Mohamed Dilsad

ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු එක රැයකින් කෝටිපතියෙක් වෙයි

Mohamed Dilsad

Leave a Comment