විදෙස්

දශක 3 කට පසු ඕස්ට්‍රේලියාවේ දරුණු ආර්ථික අවපාතයක්

(UTV| ඕස්ට්‍රේලියාව) –  කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ආර්ථික වේගය වසර 30 කට පසුව දරුණු ලෙස අවපාතයට ලක්ව තිබේ.

ඒ අනුව අප්‍රේල් – ජුනි කාර්තුවේදී එරට දළ දේශීය නිෂ්පාදනය, ඊට පෙර කාර්තුවට සාපේක්ෂව 7%න් අඩුවී තිබේ.

ජනවාරි – මාර්තු කාර්තුවේදී ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධනය 0.3% කින් පහළ ගොස් තිබුණි.

යම් ආර්ථිකයක් කාර්තු දෙකක් තුළ ඝෘණ වර්ධනයක් පෙන්වයි නම් එය ආර්ථික අවපාතයක් ලෙස සලකයි.

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ 1959 වසරෙන් පසුව ඕස්ටේ‍්‍රලියා මුහුණ දී ඇති දැවැන්තම ආර්ථීක අර්බුදය මෙය බවයි.

 

Related posts

යුක්‍රේනය ගැන රුසියාව කළ ඉල්ලීම අමෙරිකාව ඉවත දමයි

Mohamed Dilsad

ට්‍රම්ප් චීනයට ඇගිල්ල දිගු කරයි

Mohamed Dilsad

හවායි දුපත යළි සෙලවෙයි

Mohamed Dilsad

Leave a Comment