ක්‍රීඩා

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ්

(UTV | නවසීලන්තය) – නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ගැරී ස්ටීඩ් යළි පත් කර ඇත.

2023 ලෝක කුසලානය දක්වා වසර 3 ක කාලයක් සඳහා ඔහු නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2018 වසරේ මයික් හෙසන්ගෙන් අනතුරුව ගැරී ස්ටීඩ් නවසීලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා පත්කරනු ලැබීය.

නවසීලන්ත කණ්ඩායම මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේත්, එක්දින ශ්‍රේණිගත කිරීම්හි තුන්වන ස්ථානයේත් පසුවන අතර 20 – 20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් රැදී සිටින්නේ 6 වන ස්ථානයේය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

අන්තර් පාසල් ලිග් රග්බි තරගාවලි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

LPL නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment