Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් පැමිණීමට සූදානම්….

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබේ.

ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරටවීම විශේෂත්වයකි.මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලද ඉන්දීය ක්‍රීඩයින් ක්‍රීඩා කර තිබුණි.

‍ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 01 වනදා ආරම්භ වීමට නියමිත අතර එළැඹෙන 2026 වසරේ 20/20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වෙන බව තරග සංවිධායකින් පවසයි.

මෙවර තරගාවලියට 20/20 තරගාවලි රටාවේ ලීග් තරග 20ක් සහ පිළිමළුන් පිටුදැකීමේ තරග 4ක් ඇතුළුව මුළු තරග 24ක් ඇතුළත් වේ. තරගාවලියේ හයවන අදියරය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයන්වලදී පැවැත්වීමට නියමිතය

Related posts

 ஸ்ரீ லங்கா முதலீட்டு வாரியத்திற்கு புதிய தலைவர் நியமனம்

Mohamed Dilsad

எனக்கு கணவராக வருபவருக்கு தகுதிகள் தேவை!

Mohamed Dilsad

IMF සමාලෝචන අවසන් වන තෙක් ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment