විදෙස්

ඉන්දියාව වසා තැබීමේ කාලය යළි දීර්ඝ වෙයි

(UTV | කොවිඩ් 19 ) – කොරෝනා වෛරසයේ පැතිරයාම හේතුවෙන් ඉන්දියාව තවත් සති දෙකක කාලයකට වසා දමන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මීට පෙර ඉන්දියාව වසා දමා තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබුනේ ලබන 4 වනදා වන අතර, වෛරසය පැතිරයාම හමුවේ එදින සිට තවත් සති දෙකක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය වී තිබේ.

ඒ අනුව මෙම මස 17 වනදා දක්වා තවදුරටත් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇත.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 35365ක් වාර්තාවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1152ක්.

Related posts

දින ගණනකට පසු නවසීලන්තයේ නැවතත් කොරෝනා

Mohamed Dilsad

ජපානයේ ශුරි මාලිගාවේ ගින්නක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මී උණ පැතිරීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment