විදෙස්

ඉන්දියාව වසා තැබීමේ කාලය යළි දීර්ඝ වෙයි

(UTV | කොවිඩ් 19 ) – කොරෝනා වෛරසයේ පැතිරයාම හේතුවෙන් ඉන්දියාව තවත් සති දෙකක කාලයකට වසා දමන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මීට පෙර ඉන්දියාව වසා දමා තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබුනේ ලබන 4 වනදා වන අතර, වෛරසය පැතිරයාම හමුවේ එදින සිට තවත් සති දෙකක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය වී තිබේ.

ඒ අනුව මෙම මස 17 වනදා දක්වා තවදුරටත් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇත.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 35365ක් වාර්තාවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1152ක්.

Related posts

වැග්නර් ට එරෙහිව පුටින් වැඩ අරඹයි

Mohamed Dilsad

ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක්(වීඩියෝව)

Mohamed Dilsad

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අසල දී තරුණ යුවළක් ගිනිතබාගෙන දිවි නසා ගනී

Mohamed Dilsad

Leave a Comment