විදෙස්

කුඩා දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන දෙන්නේ බලාගෙන

(උදයම්,බ්‍රිතාන්‍යය)  – ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක වැඩි වශයෙන් පරිහරණය  කරන කුඩා දරුවන් එවැනි උපාංග භාවිතයක් නොමැති දරුවන්ට සාපේක්ෂව අඩු නින්දක් ලබන බව සමීක්ෂණයකින් හෙළි වෙයි.

මෙම සමීක්ෂණයේ දී විද්‍යාඥ කණ්ඩායම විසින් දරුවන් ටැබ්ලට් පරිගණක හෝ ස්මාර්ට් ජංගම දුරකථන සමඟ ගතකරන කරන කාලය සහ ඔවුන්ගේ නිදා ගැනීමේ රටා නිරීක්ෂණය කර ඇත.

“touchscreen” පරිගණක සහ ස්මාර්ට් දුරකථන උපාංග සමඟ කුඩා දරුවන් ගත කරන සෑම පැයකදීම ඔවුන්ගේ නින්දෙන් මිනිත්තු 15ක් අඩුවන බව මෙම පර්යේෂණය සිදු කළ ලන්ඩනයේ බ්‍රික්බෙක් සරසවියේ විද්‍යාඥයෝ පිරිස පවසති.

ඒ කෙසේ වුවත් touchscreen සහිත උපාංග සමඟ ගතකරන දරුවන්ගේ චලන ක්‍රියාකාරකම් ඉතා ඉක්මනින් වැඩි දියුණු වන බව ද සමීක්ෂකයින් පෙන්වා දෙයි.

නමුත් දරුවන්ගේ චලන ක්‍රියාකාරකම් කාලයත් සමඟ වැඩි දියුණු වන බවත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ නින්ද කැප නොකළ යුතු බවත් මෙම විද්‍යාඥ කණ්ඩායම පවසයි.

මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු තුනෙන් අඩු දරුවන් සිටින මව්පියන් 715ක් යොදා ගෙන තිබේ.

 

Related posts

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

Editor O

රුසියානු හමුදාව යුක්රේන අගනුවරට ලංවෙයි

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment