විදෙස්

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100,000 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරණ සංඛ්‍යාව එලෙස ඉහළ යද්දී එරට ආසාදිතයන් සංඛ්‍යාව 1700,000 ඉක්මවා ගොස් ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

එමෙන්ම ලොවපුරා කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 349,273 දක්වා ඉහළගොස් ඇත.

මීට අමතරව ‘කොවිඩ් – 19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එම රටවල නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ඉක්මන් වුවහොත් ඉක්මනින් ම දෙවැනි රැල්ලක් ඇතිවනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් යුතුව පෙන්වාදෙයි.

Related posts

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ලැප් ටොප් තහනමට හේතුව

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි තවත් රාජ්‍යන් කීපයකට පැතිරෙයි

Mohamed Dilsad

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment