විදෙස්

අමෙරිකානු ජනාධිපති ගුගල් සමාගමෙන් ප්‍රශ්න කරයි.

 

(UTV| ඇමරිකාව) – ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන සුන්දර් පිචායි, අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය වෙත කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර තිබේ.

“මෝඩයා” යන වචනය සෙවීමෙදි ඇමරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව දිස්වන්නේ කෙසේද යන්න මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කර ඇත .

එයට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කරන්නේ ගූගල් සෙවුම්වලට අනුව වචන මතු වීමට අදාළත්වය සහ ජනප්‍රියතාවය ඇතුළු හේතු දෙසීයක් මෙයට ඇති බවයි .

තවද එය සාමාන්‍ය ක්‍රියාවලියක් බව පැවසූ ඔහු එහි කිසිදු ආකාරයක දේශපාලන ගැති භාවයක් නොමැති බවද පෙන්වා දුන්නේය.

මේ වනවිට ගූගල් සෙවීම්වලට අනුව, “මෝඩයා” යන වචනය ඇමරිකාවේ වැඩිම වතාවක් සෙවූ වචනය බවට පත් වී තිබේ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා කොරෝනා මරණ 270,000 ඉක්මවයි

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් මැක්රොන් යළි බලයට

Mohamed Dilsad

ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට

Mohamed Dilsad

Leave a Comment