දේශීය

ඉන්දියාවේ සිට සිසුන් පිරිසක් අද දිවයිනට

(UTV | කොළඹ ) – අද (23) දිනයේ ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන ආකාරයට ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ එහි පළමු කණ්ඩායම පෙරේදා දිනයේ පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි නුවර සිට දිවයිනට පැමිණි අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ.

අද දිනයේ දිවයිනට පැමිණෙන සිසුන් ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතයි.

Related posts

COVID-19 ප්‍රතිකාර සඳහා Amarican Voice මධ්‍යස්ථානය රෝහලක් කරයි

Mohamed Dilsad

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අද නව ආසාදිතයින් 354 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment