දේශීය

මතට ඇබ්බැහිවූවන්ට දුරකථනයෙන් උපදේශන සේවාවක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පාලනය හා නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික ආයතනය වශයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම තත්ත්වයට මැදිහත්වීම සම්බන්ධයෙන් සුවිශේෂි වැඩසටහනක් දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය කරමින් පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන මාර්ගක උපදේශන සේවාවක් ආරම්භ කර ඇත.

වර්තමානයේ රටතුල උද්ගතව පවතින කොවිඩ් 19 ගෝලීය වසංගතමය තත්ත්වය සමඟ දිර්ඝ කාලිනව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් සිය දෛනික මත්ද්‍රව්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වීම තුළින් විවිධ කායික හා මානසික අපහසුතාවයන්ට මුහුණු දෙමින් සිටින අතර, ඔවුන් වෛරසය ආසාදනය සම්බන්ධයෙන්ද ආවදානම් කණ්ඩායමක් බවට මොවුන් පත්ව සිටියි.

ඒ සඳහා උපදේශන නිලධාරින් 53කින් යුත් කණ්ඩායමක් උපදේශනය සඳහා අනුයුක්ත කර ඇති අතර, ඒ සඳහා 071 0301301 දුරකථන අංකය ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීම සඳහා විවෘත කර තිබේ.

Related posts

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

මිලියන 10ක කොකේන් අල්ලයි

Mohamed Dilsad

රස පරීක්‍ෂක හා CID කණ්ඩායමක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට

Mohamed Dilsad

Leave a Comment