දේශීය

මතට ඇබ්බැහිවූවන්ට දුරකථනයෙන් උපදේශන සේවාවක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පාලනය හා නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික ආයතනය වශයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම තත්ත්වයට මැදිහත්වීම සම්බන්ධයෙන් සුවිශේෂි වැඩසටහනක් දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය කරමින් පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන මාර්ගක උපදේශන සේවාවක් ආරම්භ කර ඇත.

වර්තමානයේ රටතුල උද්ගතව පවතින කොවිඩ් 19 ගෝලීය වසංගතමය තත්ත්වය සමඟ දිර්ඝ කාලිනව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් සිය දෛනික මත්ද්‍රව්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වීම තුළින් විවිධ කායික හා මානසික අපහසුතාවයන්ට මුහුණු දෙමින් සිටින අතර, ඔවුන් වෛරසය ආසාදනය සම්බන්ධයෙන්ද ආවදානම් කණ්ඩායමක් බවට මොවුන් පත්ව සිටියි.

ඒ සඳහා උපදේශන නිලධාරින් 53කින් යුත් කණ්ඩායමක් උපදේශනය සඳහා අනුයුක්ත කර ඇති අතර, ඒ සඳහා 071 0301301 දුරකථන අංකය ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීම සඳහා විවෘත කර තිබේ.

Related posts

අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරතවූවන් හට හෙට සිට නව කොන්දේසියක්

Mohamed Dilsad

ජනාධිපති අනුර සමග සාකච්ඡා කරනවා – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

Editor O

සාමාන්‍ය ටිකට් අරන්, ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ ගමන් කළ මාලිමාවේ ඇමතිවරු සිව්දෙනා කවුද…?

Editor O

Leave a Comment