දේශීය

රස පරීක්‍ෂක හා CID කණ්ඩායමක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට

(UTV | කොළඹ) – ගිනි ගැනීමෙන් අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන රජයේ විමර්ෂණ කණ්ඩායමක් අද දිනයේදී පිටත්ව ගොස් ඇත.  

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්‍ෂා නෞකාව මගින් ඔවුන් රැගෙන ගිය බව නාවික හමුදාව සඳහන් කළේය.

නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදුව ඇති බලපෑම සොයා බැලීම සඳහා මුහුදු ජල නියැදීන් ලබා ගැනීම සහ ස්ථානීය නිරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා, විමර්ෂණ කණ්ඩායමක් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට රැගෙන යාමට පහසුකම් සලසන මෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නාවික හමුදාවෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

ඒ අනුව, අනතුර සම්බන්ධ ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරින්ගෙන් යුත් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ෂණ කණ්ඩායම මෙලෙස අද දින රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Related posts

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට

Editor O

LITRO සහ LAUGFS ගෑස් සමාගම් දෙකට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

බස්නාහිර හුදෙකලා නොමැති ප්‍රදේශවල 11 වන ශ්‍රේණිය ලබන 25 ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment