දේශීය

රජය විසින් එළවලු කිලෝ ලක්ෂ 5 ක් මිළදී ගනී

(UTV |කොළඹ ) – රජය විසින් ඊයේ (11) දිනය තුළදී ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කරනු තුරු ගොවීන් සතු එළවළු මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ පමණක් එළවලු කිලෝ ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් මිළදී ගෙන තිබේ.

ඊයේ දිනය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්, එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 3 ක් මිලදී ගත් බව අත්‍යවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේය.

දඹුල්ලෙන් මිලදී ගෙන ඇති එළවළු ප්‍රමාණය කිලෝග්‍රෑම් ලක්ෂ දෙකකට අධිකයි.

රට තුළ එළවළු අතිරික්තයක් පවතින බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.

මේ හේතුවෙන්, ගොවීන් සතු එම එළවළු තොග සියල්ල මිලදී ගැනිමට කටයුතු කරන්නැයි සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බව සඳහන් වේ .

Related posts

මෙරට 416 වැනි කොරෝනා අසාදිතයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්

Mohamed Dilsad

දෙහිවල, ඕබන් පෙදෙස වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවකු අත්අඩංගුවට

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment