දේශීය

පර්ල්.කේ. වීරසිංහට යළිත් වරෙන්තු

(UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල්.කේ. විරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (10) යළි වරෙන්තු නිකුත් කළේය.

මේ මස 12 වන දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්විය යුතු බව ද එම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් නියෝගයේ සඳහන්ව ඇත.

Related posts

තුසිත හල්ලොලුව මහතාට ඇප

Editor O

හිටපු ඇමති කෙහෙළියගේ බැංකු ගිණුම් ඇතුළු දේපොළ අත්හිටුවූ බවට පුවත්පත් දැන්වීම් පළ කරයි.

Editor O

IDH රෝහලේ සිටින චීන ජාතිකයන්ට කොරෝනා වැළඳී නැහැ

Mohamed Dilsad

Leave a Comment