දේශීය

IDH රෝහලේ සිටින චීන ජාතිකයන්ට කොරෝනා වැළඳී නැහැ

(UTV | කොළඹ) – අයි.ඞී.එච්. රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාව හැර ප්‍රතිකාර ලබන අනෙක් චීන ජාතිකයන් පස්දෙනාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව අනාවරණ වී තිබේ.

ඒ බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණායතනය සිදුකළ පරීක්ෂණයකදියි.

ඊයේ (29) එහි වාර්තාව එම රෝහලට ලැබුණු අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අටදෙනෙකුද ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේදීද තවත් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත්වී ඇති බව වාර්තාවේ.

Related posts

චමල් රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත්වන බව පක්ෂයට දැනුම් දී නැහැ – පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්

Editor O

වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස චන්න ජයසුමන දිවුරුම් දෙයි

Mohamed Dilsad

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගැන ඇමති නිමල් සිරිපාල ගෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment